අපේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,

සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුතු

කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් 

ප්‍රදේශයේ ජන දිවිය නංවා ලීම"

   

අපේ දැක්ම

"තිරසාර සංවර්ධනයක් හා සාරධර්ම වලින් පරිපූර්ණ වූ ජනතාවක් වෙසෙන

ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් බිහි කිරීම."

    

ඓතිහාසික පසුබිම.

අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨ රජෙකු වන දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය පාලන කාලයට තරම් ඈත ඉතිහාසයකට නෑකම් කියන ගම් පුරවරයක් ලෙස ඇහැටුවැව ප්‍රදේශය නම් කල හැක. රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය රාජ කුමාරයා රජ වාසලින් පැන අශෝක මාලා හා විවාහ වී මෙම ප්‍රදේශයේ රහසින් කල් ගෙවූ බවට හමුවන ඓතිහාසික පුරාවෘත්තවලින් ඒ බව සනාථ වේ. මෙහිදී පෙනී යන්නේ ඔවුන් ගල්ගිරියා කන්ද ආශ්‍රිතව ජීවත් වෙමින් මෙම ප්‍රදේශයේ කෙත්වතු හා වැව් අමුණු වලින් සරු සාර කලාපයක් බවට පත් කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බවකි. මේ අනුව ගල්ගිරියා කන්දේ සිට ( ශ්‍රී ලංකාවේ දිගම ශේෂ කන්ද ) පැන නගින සෑම ඇලක් දොලක් පාසාම වැව් අමුණු ඉදිකර ඇත. පසුව ඒ ආශ්‍රිතව ජනාවාස බිහිව තිබේ.

ගම්මුන් විසින් සාක්ෂි දරන පරිදි වර්ෂා කාලවලදී ගල්ගිරියා කන්දේ සිට ගලා බසින දිය පහරක් මිදෙල්ල නම් වූ පොකුණකට වැටී තිබේ. ඉන් උතුරා යන දිය කඩ , ඔබ්බෙහි වූ විශාල ඇහැටු ගසක් අසලින් හරස් කර බැද ඇත. එමගින් වැවක් නිර්මාණය වී තිබේ. මෙය “ඇහැටු ගහ වැව” නම් විය. පසු කාලීනව උච්චාරනයේ පහසුව පිණිස ඇහැටුවැව ලෙසින් භාවිතයට පැමිණ අද දක්වාම ව්‍යවහාර කෙරේ.

ලංකාවේ රාජ්‍යත්වය විකාශනය වූ යුග අතර යාපහු යුගය ආරම්භ වන්නේ 1272 වර්ෂයේ දීය. සිව්වන යුගය ඉතිහාසයට එක්කර ගනිමින් යාපහුව රාජධානිය භාර ගත්තේ 1වන බුවනෙකබාහු රජතුමා විසිනි. ලංකා ඉතිහාසයේ යම් යම් ව්‍යාකූල හා ව්‍යසන වලට ලක්වූ කාලයක් වුවත් රාජ්‍යත්වයේ කේන්ද්‍රීය ස්ථානයක් වශයෙන් යාපහු පුරවරය හදුන්වා දිය හැකිය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිරභාරයට ගෙන ලංකාව මුළු මනින්ම බ්‍රිතාන්‍යයට යටත් විජිතයක් වීම දක්වා ලංකාවේ පරිපාලනය මෙහෙය වූයේ වරප්‍රසාද ලත් ප්‍රභූන් විසිනි. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වීමෙන් පසු එම රටට අවශ්‍ය වන වැවිලි නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීමත් ඒවා පවත්වා ගැනීම හා නඩත්තු කිරීමටත් අපනයනය කිරීමටත් වඩාත් යෝග්‍ය පරිපාලන රටාවක් ඇති කිරීම ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ විය.

ලංකාව යටත් විජිතයක් වීම දක්වා පැවති ප්‍රාදේශීය පරිපාලන ව්‍යුහය වූයේ ප්‍රාදේශීය ප්‍රධානීන් මූලික කරගෙන පත්තු වශයෙන් බෙදීමෙනි. බ්‍රිතාන්‍යයන් විසින් මෙම ප්‍රාදේශීය ඒකක ආදායම් පාලන ඒකක බවට පත් කරන ලදී.මහව ආදායම් පාලන කොට්ඨාශය අයත් වූයේ වන්නිහත්පත්තු වටය. දිස්ත්‍රික්කයක් සඳහා පත්තු ගණනාවක් අයත් විය. මෙහි ප්‍රධානියා වූයේ රටේ මහත්තයා යනුවෙන් හැදින් වූ දිස්ත්‍රික් නියෝජිතයෙකුගෙනි. 1963 දී ප්‍රාදේශීය පරිපාලනය විමධ්‍යගත වීමත් සමග මහව කොට්ඨාශයෙන් කොටසක් ගල්ගමුව කොට්ඨාශයටත්, කොටසක් නිකවැරටිය කොට්ඨාශයටත් වෙන්විය.

ගල්ගමුව ප්‍රාදේශීය මහ ලේකම් කෙට්ඨාශය වසම් 97 කින් සමන්විත විශාල භූමි ප්‍රමාණයක පුරා විසිරි පවතින බැවින්, ජනතාවගේ එදිනෙදා රාජකාරි කර ගැනීම දුෂ්කර විය. සංවර්ධන කාර්යයෙහිලා ද මෙම දුෂ්කරතා බලපැ හෙයින් ඈත ගම්මාන කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වූයේ ඉතා අල්ප වශයෙනි. මේ නිසා එදා මෙදා තුර රජයෙන් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් වලින් හා සේවා සැපයීම් වලින් අපේක්ෂිත ප්‍රතිඵල ඈත එපිට ජනතාවට ලබා ගත නොහැකි විය.

"ගම්මාන සංවර්ධන වීමට නම් රජය මෙන්ම වෙනත් අංශ මෙහෙය වන සංවර්ධන ක්‍රියාවලීන් ජනතාව සමග ඔවුන් ආසන්නයේ සිට සිදු කළ යුතුයි." යන අදහසට අනුව ඇහැටුවැව කේන්ද්‍ර කර ගනිමින් වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් බිහි විය.

එනම් 1998 වර්ෂයේ දෙසැම්බර් මස 05 වෙනි දින එවකට වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය බන්දුල බස්නායක මැතිතුමාගේ ආරාධනයෙන් , ගරු රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා විසින් උප කාර්යාලයක් ලෙස පළමුව මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරම්භ කරනු ලැබීය. පසුව 2000 වර්ෂයේ අගෝස්තු මස 29 වෙනි දින සියලු පරිපාලන පහසුකම් සහිතව ඇහැටුවැව නව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරිණි.

මෙතෙක් සේවය කළ ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ නාමාවලිය
නම සිට            දක්වා           
ඩබ්.එම්. ජයවර්ධන මහතා 1998 1999
යූ.ඒ.සී. ගුණවර්ධන මිය 1999 2001
ආර්.අයි.ඩී.පී. රත්නමලල මයා  2001 2002
එස්. නානායක්කාර මයා  2002 2004
ආර්.එම්. වන්නිනායක මයා 2005 2006
කේ.එල්.එන් සහබන්දු මයා 2006 2007
ඩබ්.එම්. විජේසිංහ මයා 2007 2017
ඩබ්.ජී.ඩබ්.වනසිංහ මයා 2010 2013
කේ.සී.එස්. ප්‍රනාන්දු මිය 2014 2017
ඩබ්.ආර්.ඩබ්.ආර්. වැලිපිටිය මයා 2017 2020
පී.එම්.එස්.පී.පතිරාජ මිය 2020 2021
රේණුකා පී විජේරූප මිය 2021 2022
ඩබ්.එම්.යූ.වීරසිංහ මිය 2022 මේ දක්වා

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

19
ඔක්2023
Literary Arts Festival

Literary Arts Festival

Literary Arts Festival The Literary Art Festival...

Scroll To Top