අඩු ආදායම්ලාභීන් සඳහා වියළි සලාක මලු බෙදා දීම
ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් උද්‍යාණිකා වීරසිංහ මැතිනියගේ මඟ පෙන්වීම යටතේ 2022.09.26 දින කොට්ඨාසයේ අඩු ආදයම්ලාභී පවුල් අටක් සදහා රු. 12,500 බැඟින් වූ වියලි සලාක බඩු මලු අටක් බෙදා දීම සිදු කරන ලදී.
ඔස්ට්‍රාලියාවේ වෙසෙන ජානකී රාසයියා මහත්මිය ඇතුලු පවුලේ සැම විසින් මීට මාස එකහමාරකට පමණ පෙර මියගිය ඔවුන්ගේ මව වන අරුනයියා නාගචලම් මහත්මියට පින් පිණිස මේ සදහා මූල්‍යමය දායකත්වය ලබාදුන් අතර එය අප වෙත සම්බන්ධීකරණය කලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන කේසරලාල් ගුණසේකර මහතායි.

















