ක්ලින් ශ්රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව පිරිසිදු දේශයක් සඳහා ජාතික ප්රරවැසි මෙහෙවර යන තේමාව යටතේ සහ සුන්දර දිවයිනක් හා ප්රීතිමත් ජනතාවක් බිහි කිරිමේ අරමුණින්, ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලුකඩවල වැව් බැම්ම අසලදී අත්තම ජාතික වැඩසටහන ආරම්භ කරන ලදි.
එහිදි, පෙමිණි ඇල පිරිසිදු කිරිම, රැක්රෝපණ වැඩසටහනක් හා පෙර පාසල් දරුවන් සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහනක් ද පැවැත්විය. මෙම අවස්ථාවට ප්රාදේශීය සම්බන්ධිකරණ සභාපති කුරුණැගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි චන්දන තෙන්නකෝන් මැතිතුමා, ඇහැටුවැව ප්රාදේශීය ලේකම් ගරු උද්යානිකා වීරසිංහ මැතිණිය ඇතුළු රාජ්ය නිලධාරින් හා දේශපාලන අධිකාරියේ නියෝජිතයන් සම්බන්ධවිය. 
























