![]() |
අතිගරු ජනාධිපතිතුමාගේ “මෛත්‍රී පාලනයක්… ස්ථාවර රටක්” ප්‍රතිපත්ති ප්රකාශනය තුළ, මෙරට වියළි කලාපයේ දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යසනයක් ලෙස ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝගය නිවාරණය සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කොට ඇත. ඊට අදාළව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා සෘජු අධීක්ෂණය යටතේ වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුභසාධනය උදෙසා කටයුතු කිරීම සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවා ඇත.
මෙම වැඩසටහන යටතේ ඇහැටුවැව ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ ප්රතිආශ්රතකරණ ජල පද්ධති 19 ක් ස්ථාපිත කිරීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර දී ඇත. ඒ යටතේ පහත සදහන් ස්ථානවල ප්රතිආශ්රිතකරණ පල පද්ධති සම්පාදනය කොට ජනතා අයිතියට පත් කොට දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
|
අං |
ග්‍රාම නිලධාරී වසම | ප්‍රතිලාභීන් සංඛ්‍යාව |
| 1 |
132 - අතරගල්ල |
පවුල් 300 |
| 2 |
104 - බෝංගම |
පවුල් 350 |
| 3 |
117 - ගලපිටදිලන |
පවුල් 275 |
| 4 |
103 - වැලියාව |
පවුල් 308 |
| 5 |
131 - ගුරුගොඩ |
පවුල් 411 |
| 6 |
129 - එරියාව |
පවුල් 275 |
| 7 |
109 - පොතානේගම |
පවුල් 264 |
| 8 |
123 - මහඇඹෝගම |
පවුල් 180 |
| 9 |
106 - වේදිනිගම |
පවුල් 242 |
| 10 |
114 - නිතලව |
පවුල් 250 |
| 11 |
122 - කදුරුවැව |
පවුල් 300 |
| 12 |
128 - හුණුගල්ලෑව |
පවුල් 342 |
| 13 |
118 - ඇතිනිමලේ |
පවුල් 200 |
| 14 |
126 - නබඩෑව |
පවුල් 180 |
| 15 |
75 - වෙහෙරගොඩයාය |
පවුල් 141 |
| 16 |
102 - මැදින්නෝරුව |
පවුල් 200 |
| 17 |
115 - ඉහළදිගන |
පවුල් 350 |
| 18 |
105 - කටුගම්පලගම |
පවුල් 180 |
| 19 |
74 - යද්දෙස්සාව |
ක්‍රියාත්මක වෙමින් පවතී |






















