ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නUncategorised
![]() |
රට පුරා ක්‍රියාත්මක ප්රමුඛ ව්‍යාපෘතියක් වන, හරිත ගම්මාන සහ නගර නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සදහා පරිසර කමිටුවක් පිහිටුවීම හා මූලික ව්‍යවස්ථාව සකස් කිරීම ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. ප්‍රදේශයේ පරිසරය ආශ්රිත සම්පත් උපයෝගීකරගනිමින් ව්‍යාපාර කටයුතු වල නිරත වන සියළුම ව්‍යාපාරිකයන්, ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරින් මේ සදහා සහභාගී විය.
මෙහිදී, ගසක් කපා හෙළන සෑම අවස්ථාවකදීම ඒ වෙනුවට ගස් දෙකක්ද, කොස් ගසක් කපා හෙළන අවස්ථාවේදී කොස් පැළ පහක්ද අනිවාර්යයෙන්ම සිටවිය යුතු බවත්, එය ග්‍රාම නිලධාරී විසින් අධික්ෂණය කිරීමෙන් පසු වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පමණක් දැව හෙලීම් බලපත්‍රය නිකුත් කරන බවටත් සියළු පාර්ශවයන්ගේ අනුමැතිය ඇතිව තීරණය කර ගන්නා ලදි.
![]() |
![]() |
පරිසර සංරක්ෂණ වැඩසටහන පිළිබද මව්බිම පුවත්පතෙහි පළවු ලිපිය
![]() |

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි "ගම්පෙරළිය" නමින් හඳුන්වන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කරන ලදී. පසුගිය වසර කිහිපය තුළ අහිතකර කාලගුණික තත්ත්වයන් යටතේ ඇති වූ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක විය. මෙම වැඩසටහන යටතේ ඇහැටුවැව ප්රාදේහීය ලේකම් කොට්ඨාශය සඳහා පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.
| අ.අ |
ග්‍රාම නිලධාරී වසම |
ව්‍යාපෘතියේ නම | ව්‍යාපෘතියේ වටිනාකම |
| 1 |
117 - ගලපිටදිගම |
ශ්‍රී මාගුල් රජමහාවිහාරයේ සංඝාවාසෙයේ ඉදිරි වැඩ සදහා | Rs. 500000.00 |
| 2 | 132 -අතරගල්ල |
අතරගල්ල ශ්‍රී විවේකාරාමයේ ධර්ම ශාලාවේ ඉතිරි වැඩ සදහා |
Rs 500000.00 |
| 3 |
105 - කටුගම්පලගම |
ශ්‍රී තම්මැන්නාගම පුරාණ රජමහාවිහාරයේ සංඝාවාසයේ ඉදිරි වැඩ සදහා | Rs 500000.00 |
| 5 |
105 - කටුගම්පලගම |
කටුගම්පලගම මහා වැවෙහි රොන් මඩ ඉවත්කර ප්‍රතිසංස්කරණය සදහා | Rs 500000.00 |

පොහොසත් රටක් ව්‍යාවසායක පාරාදීසයක් - එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා යටතේ බැංකුවෙන් සහන රැසක්
ව්‍යාපාර දිරිගැන්වීම උදෙසා වන මෑත ඉතිහාසයේ සුවිසල්ම ණය යෝජනා ක්‍රමය එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා දැන් ක්‍රියාත්මක වේ.
ව්‍යාපාර ලෝකයේ සුළු හා මධ්‍යපරිමාන ව්‍යවසායකයින් සදහා, කිසිදු පොළියක් අය නොකරන ණය යෝජනා ක්‍රම මෙන්ම පොළියෙන් 50%, 75% ක් රජයෙන් දරණ ණය යෝජනා ක්‍රම ආදී සහන රැසක් ලබා දෙන ණය යෝජනා ක්‍රම මෙයට අන්තර්ගත වේ.
මෙම සුවිසල්ජ ව්යායමයේදී ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීමේ අරමුණින් 2019 මාර්තු එකලොස්වන දින ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සදහා ප්‍රදේශයේ වානිජ බැංකු නියෝජිතයින් හා කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය. මෙහිදී ණය යෝජන ක්‍රමය පිළිබද ජනතාව දැනුවත් කිරීම, නව ව්‍යවසායකයින් හදුනා ගැනීම, හා ව්‍යාපෘති යෝජනා සකස් කිරීම පිළිබද ව්‍යවසායකයින් දැනුවත් කරන ලදි.
![]() |
![]() |
වැඩි විස්තර සදහා http://www.enterprisesrilanka.lk/index.php/si/ වෙත පිවිසෙන්න.































