![]() |
රට පුරා ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන, හරිත ගම්මාන සහ නගර නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සදහා පරිසර කමිටුවක් පිහිටුවීම හා මූලික ව්‍යවස්ථාව සකස් කිරීම ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. ප්‍රදේශයේ පරිසරය ආශ්‍රිත සම්පත් උපයෝගීකරගනිමින් ව්‍යාපාර කටයුතු වල නිරත වන සියළුම ව්‍යාපාරිකයන්, ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරින් මේ සදහා සහභාගී විය.
මෙහිදී, ගසක් කපා හෙළන සෑම අවස්ථාවකදීම ඒ වෙනුවට ගස් දෙකක්ද, කොස් ගසක් කපා හෙළන අවස්ථාවේදී කොස් පැළ පහක්ද අනිවාර්යයෙන්ම සිටවිය යුතු බවත්, එය ග්‍රාම නිලධාරී විසින් අධික්ෂණය කිරීමෙන් පසු වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පමණක් දැව හෙලීම් බලපත්‍රය නිකුත් කරන බවටත් සියළු පාර්ශවයන්ගේ අනුමැතිය ඇතිව තීරණය කර ගන්නා ලදි.
![]() |
![]() |
පරිසර සංරක්ෂණ වැඩසටහන පිළිබද මව්බිම පුවත්පතෙහි පළවු ලිපිය
![]() |

























