අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

 

NILA MEHEWARA

 

 

 

 

 

 

 

 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ස්වදේශකටයුතු අමාත්‍යාංශය විසින් "නිල මෙහෙවර ජනපති ජනතා සේවය"   2017 වර්ෂයේ  ක්‍රියාත්මක කරන ලදි. ග්‍රාමීය ජනතාවගේ නොවිසදුනු පරිපාලන, ආර්ථීක හා සමාජීය ගැටලු වලට විසදුම් ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ විය.   

මෙම වැඩසටහනට සමගාමීව ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නිල මෙහෙවර වැඩසටහන 2017.05.06 දින ගරු අභ්‍යන්තර සංස්කෘතික හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මැතිතුමා, ගරු පළාත් සභා මන්ත්‍රී මොහාන් පෙරේරා මැතිතුමා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ  ලේකම් නීල් ද අල්විස් මහතා, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් හා ස්වදේශකටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් ගාමිණි ඉංලගරත්න මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඇහැටුවැව බණ්ඩාරණායක නවෝද්‍යා පාසලේදී  උත්සවාකාරයෙන් පැවැත්විණ.

වසම් මට්ටමින් පුද්ගල අවශ්‍යතා හා ගැටලු හදුනා ගැනීම සදහා සමීක්ෂණයන් පවත්වා, එම ගැටලු සදහා විසදුම් ලබා දීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් ඒකරාශී කර ජනතා ගැටලු සදහා විසදුම් ලබා දීම එහිදි සිදු කෙරිණ. එදින ද ජනතා ගැටළු 3476 ක ඉදිරිපත් වූ අතර එයින් ගැටලු 2831 ක් සදහා එදිනම විසදුම් ලබා දෙන ලදි. පොදු ගැටළු වන පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම,  වන අලි තර්ජනයට විසදුම් ලබා ගැනීම, මාර්ග අවශ්‍යතා සපුරා ගැනීම යන කරුණු සදහා වාර්ෂික සංවර්ධන ව්‍යාපෘති හරහා විසදුම් ලබා දීමට පියවර ගැනීමට කටයුතු කරන ලදි.

 

20130102 192913 
 
 20130102 194142
 
 20130102 194214
 
 20130102 213807
 
 20130102 214416
 
20130102 214605

 

 

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

19
ඔක්2023
Literary Arts Festival

Literary Arts Festival

Literary Arts Festival The Literary Art Festival...

Scroll To Top