සමෘද්ධි ආයතන මගින් ඉටුවන සේවා
01. සමෘද්ධි මූලස්ථාන අංශය
- සමෘද්ධි කළමනාකරුවන් හා සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සියළුම ආයතනික කටයුතු කිරීම
- සමෘද්ධි සමාජ ආරක්ෂණ වන්දි මුදල් ලබා දීමට කටයුතු කිරීම
- සමෘද්ධි අනිවාර්ය ඉත්රිකිරීම් මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම
- ප්‍රජා ව්‍යාපෘති ඇතුළු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කිරීම
- සමෘද්ධි සහනාධාර හා සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ආධාර වැනි ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
02. සමෘද්ධි මහා සංගමය
- සමෘද්ධි බැංකු සංගම් වල කටයුතු සම්බන්ධීකරණය කිරීම
- සමෘද්ධී බැංකු සංගම් වල මුදල් ආයේජනය කිරීමට කටයුතු කිරීම
- සමෘද්ධි බැංකු සංගම් සාමාජිකත්වයේ ණය හා සමූහ සංරක්ෂණ වන්දි මුදල් ලබා දීමට කටයුතු කිරීම
- සියළුම සමෘද්ධි සමිති ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම
- ප්‍රජා සංවිධාන ජාලය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම
- දිරිය පියස හා සමාජ සංවර්ධන පදනමේ ආධාර මත නිවාස ඉදිකිරීමට කටයුතු කිරිම
- විවිධ සමාජ සංවර්ධන හා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- භාණෟඩාගාර ප්‍රතිපාදන හා චක්‍රිය අරමුදල් භාවිතා කරමින් ජීවනෝපාය ව්‍යාපෘති ලාභින් බඳුනාගෙන ඔවුන්ට එම ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කිරීම හා ඹවුන් ව්‍යාපෘති ගැන්වීම
03. සමෘද්ධි බැංකු සංගම්
- සමෘද්ධි පුතිලාභ ලබන බොහෝ පිරිසක් කුඩ ාකණ්ඩායම් ක්‍රමය හරහා බැංකු වැඩසටහනට සම්බන්ධ කරගැනීම
- එම පිරිස් සඳහා ණය ලබා දීමට කටයුතු කිරිම
- රජය ක්‍රියාත්මක කරන විවිවධ වැඩසටහන් සඳහා එම ප්‍රතිලාභීන් හඳුන්වා ගැනීමට කටයුතු කිරීම
- අඩු ආදායම් ලාභීන් ඔවුන්ගේ ඉතිරිකිරීම් වලට හුරු කරවීම හා ඔවුන් සමාජ , ආර්ථික හා සංස්කෘතිකමය වශයෙන් නගා සිටුවීමට කටයුතු කිරීම
සමෘද්ධි වැඩසටහන්
01. පවුල් තෝරා ගැනීම -
- 2015/2016 සිදුකල සමීක්ෂණය මගින් සකස් කර ඇති ලේඛනයෙන් ප්‍රමුඛතාවය අනුව පවුල්
තෝරා ගනී.
- වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී හා කලාප කළමණාකරුගේ නිර්දේශය හා ප්‍රාද්ශීය ලේකම්ගේ
අනුමැතියෙන් ඉවත් කරන සහනාධාරලාබීන් වෙනුවට නව පවුල් අළුතින් සහනාධාර ලබාදීම
සදහා ඇතුලත් කරයි.
02. සහනාධාර වටිනාකම්:
|
පවුලේ ප්‍රමාණය |
වටිනාකම(රු.) |
|
1 හා 2 |
1500.00 |
|
3 |
2500.00 |
|
4 ට වැඩි |
3500.00 |
|
සවිබල ගැන්වූ පවුල් |
420.00 |
03. සහනාධාරයේ සංයුතිය :
|
මුද්දරයේ වටිනාකම(රු) |
මුදල් මුද්දරය |
අනිවාර්ය ඉතිරි කිරීම් |
නිවාස ලොතරැයිය |
සමාජ ආරක්ෂණය |
|
1500 |
1250.00 |
100 |
50 |
100 |
|
2500 |
2150.00 |
200 |
50 |
100 |
|
3500 |
3050.00 |
300 |
50 |
100 |
|
420 |
- |
270 |
50 |
100 |
i මුදල් මුද්දරය :
ප්රතිලාබියාගේ බැංකු ගිණුමට බැර කරන අතර එය සමෘද්ධි බැංකුව මගින් ලබා ගත හැකිය.
ii අනිවාර්ය ඉතිරි කිරීම්:
ප්රතිලාබියාගේ බැංකු ගිණුමට බැර කරන අතර මුදල් ලබා ගැනීම සදහා පහත නිර්ණායක එකක් හෝ සම්පූර්ණ වී තිබිය යුතුය.
- අවුරුදු 70 සම්පූර්ණ වීම
- දරුවකු විශ්ව විද්‍යාල අධ්‍යපනය ලැබීම
- විශේෂිත රෝගයකින් පෙළීම (වකුගඩු, පිළිකා, ශෛල්‍යකර්ම)
iii නිවාස ලොතරැයිය:
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එක බැගින් මාස් පතා දිනුම් අදිනු ලැබේ.
- වටිනාකම රු. 200,000.00 වේ.
- නිවාස ඉදිකිරීම්, ඉඩමක් මිළ දී ගැනීම හෝ ව්‍යාපාරික කටයුතු සදහා ලබා දෙනු ලැබේ.
iv සමාජ ආරක්ෂණය:
පහත කරුණු සදහා මෙම මුදල් නිදහස් කිරීම සිදුකරයි.
- දරු උපත් සදහා රු. 7500 බැගින් දරුවන් තිදෙනෙකුට
- පවුලේ විවාහයන් සදහා රු. 7500 බැගින්(උපරිම විවාහ දෙකක්)
- මරණයකට රු. 15000 බැගින්(මරණ ප්‍රමාණය සීමාවක් නැත)
- රෝහලගතවීම් වෙනුවෙන් වර්ෂකට දින 30ක් සදහා රු. 7500 ක උපරිමයකට යටත්ව දිනකට රු. 250 බැගින්
- නිවුන් දරු උපත් සදහා දරුවන් දෙදෙනෙකුට රු. 5000 බැගින් ද දරුවන් තුනක් හා ඊට වැඩි උපත් සදහා රු. 10000 බැගින් ද මාසිකව එක් වර්ෂයක් සදහා
ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්
- භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් තෝරා ගන්නා ලද පවුල් සවිබල ගැන්වීම සදහා ආපසු අය නොකරන උපරිමය රු. 45000 කට යටත්ව උපකරණ, භාණ්ඩ, ද්‍රව්‍ය, සතුන්,ගොඩනැගිලි සදහා උපකරණ ලබාදීම සිදුකරයි.
- සමෘද්ධි බැංකු මගින් ජීවනෝපාය චක්‍රිය ණය ලබාදීම(උපරිමය 500,000 පොළිය 12%)
- සමෘද්ධි බැංකු මගින් ජීවනෝපාය සංවර්ධන ණය ලබා දීම(උපරිමය 500,000 - පොළිය 12%)
සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන්
i. මැයි 31 දින මත්ද්‍රව්‍ය නිවාරණ කොඩි අරමුදල ගොඩනැගීම
මේම අරමුදල මගින් පහත වැඩසටහන් සිදු කරනු ලබයි.
- අඩු ආදායම්ලාබීන්ගේ නිවාස ඉදිකිරීම
- නිවාස අළුත්වැඩියා කිරීම
- වැසිකිළි පහසුකම් දියුණු කිරීම
- පාසල් උපකරණ ලබාදීම
ii. උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
iii. සමෘද්ධි ළමා සමාජ පිහිටුවීම, තරග පැවැත්වීම හා එම තරගකරුවන් ජාතික මට්ටම කරා රැගෙන යාම
iv. හරිත උයන වන සංරක්ෂණ වැඩසටහන් පැවැත්වීම

























