මුල් උරුමය පැවරීම
අවශ්‍ය ලේඛන
- ප්‍රාදේශීය ලේකම් වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
- දීමනා පත්‍රයේ හා පිඹුරේ මුල් පිටපත් හා කොපි
- පත්ඉරු සටහන්
- ඉඩමේ පදිංචිකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව
- දීමනාපත්‍රකරුගේ උරුමකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව - වයස් අනුපිළිවෙලට උපන්දිනය සහිතව
- සියළුම උරුමකරුවන් මෙම මුල් උරුමය පැවරිමට එකඟව ලබා දෙන දිවුරුම් ප්‍රකාශය - රු 25/- ක මුද්දරයක් මත අත්සන් කර සාමවිනිසුරු ඉදිරියේ
- දීමනාපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික
- යම් උරුමකරුවෙකු මිය ගොස් ඇත්නම් මරණ සහතික මුල් පිටපත් හා කොපි
පසු උරුමය පැවරීම
අවශ්‍ය ලේඛන
- ප්‍රාදේශිය ලේකම් වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
- දීමනා පත්‍රයේ සහ පිඹුරේ කොපි හා මුල් පිටපත්
- ඉඩමට අදාල පත්ඉරු සටහන්
- ඉඩමේ පදිංච්කරුවන් පිළිබඳ ග්‍රාමනිලධාරී වාර්තාව
- පසු උරුමකරුවන් එක් අයෙකුට වැඩිය නම් කරන්නේ නම් බලයලත් මිනින්දෝරුවරයකු විසින් අදින ලද පිඹුර හා කොපියක්
- පසු උරුමකරුවන්ගේ උප්පැන්න සහතික හා පිටපත්
- මෙම පසු උරුමය නම්කිරීම තම කැමැත්තෙන් සිදු කරන බවට ලබාදෙන දිව්රුම් ප්‍රකාශය(සාම විනිසුරු ඉදිරියේ රු.25ක මුද්දරයක් මත අත්සන් කර)
- දීමනාපත්‍රකරුගේ වාචික ප්‍රකාශය
- අදාල ආකෘතිය සම්පූර්ණ කර පළමු පිටුවේ සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ලෙස ග්‍රාම නිලධාරී අත්සන් කළ යුතුය
සියළුම උරුමකරුවන් දැනුම් දෙන දිනයේදි ප්‍රාදේශීය ලේකම් ඉදිරියේදි වාචික ප්‍රකාශ ලබා දිය යුතු බැවින් දැනුම් දෙන දිනයේදි ජාතික හැදුනුම්පත ද රැගෙන පැමිණිය යුතුය.
දීමනාපත්රඉ කොන්දේසි ලිහිල් කිරීම
- දීමනාපත්‍රකරුගේ ඉල්ලීමේ ලිපිය
- ඇමුණුම 1 ආකෘතිය මගින් පළාත් ඉඩම් කොමසාරිස්ගේ අනුමැතිය ලද පසු ඇමුණුම 2 ආකෘතියට දිමනාපත්රකරු අත්සන් කිරීම සාක්ෂීකරුවන් දෙදෙනෙකුගේ අත්සන් ගැනීම.
- මුල් ඔප්පුව රජයට භාර දීම.
- පියවර ගණනාවක් යටතේ නව දීමනා පත්‍රය සකස් කළ පසු රන්බිම සේවා ගාස්තු ලෙස රු.100/- ක් අයකර නව දීමනාපත්‍රය භාර දීම.















