ක්ලින් ශ්රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව පිරිසිදු දේශයක් සඳහා ජාතික ප්රරවැසි මෙහෙවර යන තේමාව යටතේ සහ සුන්දර දිවයිනක් හා ප්රීතිමත් ජනතාවක් බිහි කිරිමේ අරමුණින්, ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලුකඩවල වැව් බැම්ම අසලදී අත්තම ජාතික වැඩසටහන ආරම්භ කරන ලදි.
එහිදි, පෙමිණි ඇල පිරිසිදු කිරිම, රැක්රෝපණ වැඩසටහනක් හා පෙර පාසල් දරුවන් සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහනක් ද පැවැත්විය. මෙම අවස්ථාවට ප්රාදේශීය සම්බන්ධිකරණ සභාපති කුරුණැගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි චන්දන තෙන්නකෝන් මැතිතුමා, ඇහැටුවැව ප්රාදේශීය ලේකම් ගරු උද්යානිකා වීරසිංහ මැතිණිය ඇතුළු රාජ්ය නිලධාරින් හා දේශපාලන අධිකාරියේ නියෝජිතයන් සම්බන්ධවිය. 









78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය "ගොඩනගමු ශ්රී ලංකා" යන තේමාව යටතේ කත්නෝරුව පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. එයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්, වැඩිහිටි සත්කාර වැඩසටහනක් හා ගී රස වින්දන වැඩසටහනක් පැවැත්විය.











ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී සමරන ලද තෛපොංගල් උත්සවය





Literary Arts Festival
The Literary Art Festival of Ehatuewa Divisional Secretariat Division was held on 18.10.2023 at the institute premises of Ehatuewa Divisional Secretariat. Karunegala District Additional District Secretary and many other invited guests participated in this event.

















