ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නUncategorised

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ස්වදේශකටයුතු අමාත්‍යාංශය විසින් "නිල මෙහෙවර ජනපති ජනතා සේවය" 2017 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලදි. ග්‍රාමීය ජනතාවගේ නොවිසදුනු පරිපාලන, ආර්ථීක හා සමාජීය ගැටලු වලට විසදුම් ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ විය.
මෙම වැඩසටහනට සමගාමීව ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නිල මෙහෙවර වැඩසටහන 2017.05.06 දින ගරු අභ්‍යන්තර සංස්කෘතික හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මැතිතුමා, ගරු පළාත් සභා මන්ත්‍රී මොහාන් පෙරේරා මැතිතුමා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් හා ස්වදේශකටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් ගාමිණි ඉංලගරත්න මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඇහැටුවැව බණ්ඩාරණායක නවෝද්‍යා පාසලේදී උත්සවාකාරයෙන් පැවැත්විණ.
වසම් මට්ටමින් පුද්ගල අවශ්‍යතා හා ගැටලු හදුනා ගැනීම සදහා සමීක්ෂණයන් පවත්වා, එම ගැටලු සදහා විසදුම් ලබා දීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් ඒකරාශී කර ජනතා ගැටලු සදහා විසදුම් ලබා දීම එහිදි සිදු කෙරිණ. එදින ද ජනතා ගැටළු 3476 ක ඉදිරිපත් වූ අතර එයින් ගැටලු 2831 ක් සදහා එදිනම විසදුම් ලබා දෙන ලදි. පොදු ගැටළු වන පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම, වන අලි තර්ජනයට විසදුම් ලබා ගැනීම, මාර්ග අවශ්‍යතා සපුරා ගැනීම යන කරුණු සදහා වාර්ෂික සංවර්ධන ව්‍යාපෘති හරහා විසදුම් ලබා දීමට පියවර ගැනීමට කටයුතු කරන ලදි.
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අතිගරු ජනාධිපතිතුමාගේ “මෛත්‍රී පාලනයක්… ස්ථාවර රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ, මෙරට වියළි කලාපයේ දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යසනයක් ලෙස ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝගය නිවාරණය සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කොට ඇත. ඊට අදාළව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා සෘජු අධීක්ෂණය යටතේ වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුභසාධනය උදෙසා කටයුතු කිරීම සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවා ඇත.
මෙම වැඩසටහන යටතේ ඇහැටුවැව ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රතිආශ්‍රතකරණ ජල පද්ධති 19 ක් ස්ථාපිත කිරීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර දී ඇත. ඒ යටතේ පහත සදහන් ස්ථානවල ප්‍රතිආශ්‍රිතකරණ පල පද්ධති සම්පාදනය කොට ජනතා අයිතියට පත් කොට දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
|
අං |
ග්‍රාම නිලධාරී වසම | ප්‍රතිලාභීන් සංඛ්‍යාව |
| 1 |
132 - අතරගල්ල |
පවුල් 300 |
| 2 |
104 - බෝංගම |
පවුල් 350 |
| 3 |
117 - ගලපිටදිලන |
පවුල් 275 |
| 4 |
103 - වැලියාව |
පවුල් 308 |
| 5 |
131 - ගුරුගොඩ |
පවුල් 411 |
| 6 |
129 - එරියාව |
පවුල් 275 |
| 7 |
109 - පොතානේගම |
පවුල් 264 |
| 8 |
123 - මහඇඹෝගම |
පවුල් 180 |
| 9 |
106 - වේදිනිගම |
පවුල් 242 |
| 10 |
114 - නිතලව |
පවුල් 250 |
| 11 |
122 - කදුරුවැව |
පවුල් 300 |
| 12 |
128 - හුණුගල්ලෑව |
පවුල් 342 |
| 13 |
118 - ඇතිනිමලේ |
පවුල් 200 |
| 14 |
126 - නබඩෑව |
පවුල් 180 |
| 15 |
75 - වෙහෙරගොඩයාය |
පවුල් 141 |
| 16 |
102 - මැදින්නෝරුව |
පවුල් 200 |
| 17 |
115 - ඉහළදිගන |
පවුල් 350 |
| 18 |
105 - කටුගම්පලගම |
පවුල් 180 |
| 19 |
74 - යද්දෙස්සාව |
ක්‍රියාත්මක වෙමින් පවතී |
![]() |
![]() |
![]() |
වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ දර්ද්‍රතාවය තුරන් කර දුගීකම හා බැඳුනු සියළු සමාජ ආර්ථික ගැටළු සඳහා තිරසාර විසඳුම් ලබා දීමේ පරමාර්ථයෙන් යුක්තව ජනාධිපති ලේකම් කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ ග්‍රාම ශක්ති ව්‍යාපාරය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 104 බෝංගම ග්‍රාම නිලධාරී වසම, 120 - හිද්දෑව ග්‍රාම නිලධාරි වසම යන වසම් ඉහළ දරිද්‍රතාවයකින් යුත් වසම් ලෙසත් 113- මකුලෑව ග්‍රාම නිලධාරී වසම නිෂ්පාදන /සේවා අභිමුඛ ගම්මානය ලෙසත් මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ තෝරා ගෙන ඇත.








































